අත්අඩංගුවට ගත් දර්ශන හඳුන්ගොඩට ඇප හිමිවෙයි!

අද (06) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ මහතාට ඇප ලබාදී තිබේ.
ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම මඟ හැර යාමේ චෝදනාව මත දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට පත්වුණි.
ඔහුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප ලබාදීමට නියෝග කෙරුණි.