ජවිපෙ නාගරික මන්ත්‍රී හොර බඩු එක්ක පොලිස් දැලේ!

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බෙල්ලන්විල කොට්ඨාශයේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ගයාන් පෙරේරා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
ඔහු මෙවර මාලිමාව ලකුණෙන් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වීමටද සිටි.
පොලිස් ආරංචි මාර්ග හරහා වාර්තා වූයේ හොර බඩු සිය සන්තකයේ තබගෙන සිටීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
ඔහු සතුව තිබු හොර බඩු පිළිබඳව සවිස්තර වාර්තාවක් තවමත් ලැබී නොමැති අතර මෙහි වැඩිදුර තොරතුරු ලැබුණු විගස අප විසින් පළකරන්නෙමු.