සජිත්, විපක්ෂ නායක කාර්යාල වියදමට කෝටි 23ක් රජයෙන් ඉල්ලයි!

 සජිත්, විපක්ෂ නායක කාර්යාල වියදමට කෝටි 23ක් රජයෙන් ඉල්ලයි!

රාජ්‍ය මුදල් නාස්තිය ගැන නිතර චෝදනා කරනු ලබන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය විපක්ෂ නායක කාර්යාලය සඳහා 2023 වසරට අදාළව රජයෙන් රුපියල් කෝටි 23ක මුදලක් වෙන්කර දෙන ලෙස ඉල්ලා ඇති බව අද (05) සිළුමිණ පුවත්පත වාර්තා කරයි.

මෙහිදී 2022 වසරේ රජයෙන් රුපියල් කෝටි 20ක මුදලක් විපක්ෂ නායක කාර්යාලය සඳහා වෙනකොට ඇති අතර මෙවර තවත් කෝටි 3 කටත් වඩා වැඩි මුදලක් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

  • 2022 වසරේ ඇස්තමේන්තු කළ මුදල – රුපියල් 199,080,000
  • 2023 වසරේ ඇස්තමේන්තුව මගින් ඉල්ලා ඇති මුදල – රුපියල් 235,200,000

ඒ අනුව 2022 වසරට වඩා රුපියල් 36,120,000ක මුදලක් විපක්ෂ නායක කාර්යාල වෙනුවෙන් ඉල්ලා තිබේ.

මේ අතර රට තුළ පවතින මුල්‍ය අස්ථාවර භාවය හමුවේ රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කිරීම්, නිසි කාලයට වැටුප් නොගෙවීම් හා රජයේ සේවකයන් අඩු කිරීමේ ක්‍රමවේද රජය අනුගමනය කරන මොහොතක විපක්ෂ නායකවරයා විසින් විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක තනතුරු දෙකක් සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පත් කිරීමට අනුමැතිය ලබාදෙන ලෙස අමාත්‍ය මණ්ඩල සංදේශයක්ද ඉදිරිපත්ව ඇති බව වාර්තාවේ.

මෙසේ පත්කරනු ලබන සංවිධායකවරුන් දෙදෙනාට රාජ්‍ය ඇමැතිවරයකුට අයත් පෞද්ගලික කාර්ය මණ්ඩලයට සමාන කාර්ය මණ්ඩල ලබා ගැනීමට ද බලතල හිමිවේ.

Newspedia 02

Related post