විශ්වවිද්‍යාල බඳවා ගැනීම් පිළිබඳව සිසුන්ට නිවේදනයක්!

මෙවර අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු වලට අදාළ බඳවා ගැනීම් පෙබරවාරි මස 15 වනදාට ප්‍රථම අවසන් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
එහිදී උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම්කර ඇති අයදුම්පත් සලකා බැලීම ද එම කාලය තුළ අවසන් කරන බව කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
නව අධ්‍යයන වර්ෂය සඳහා වෛද්‍ය පිඨ ඇතුළු පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.