රනිල්ගේ කීමට සත්‍යග්‍රහයට ගැහුවේ මරදානේ චොප්පෙගේ පුතා කිත්සිරි…

පසුගිය 3 වනදා කොළඹදී පැවති සත්‍යග්‍රහයට පහරදෙනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනින් මරදානේ චොප්පෙගේ පුතා නමින් හඳුන්වන කිත්සිරි රාජපක්ෂ නම් නාගරික මන්ත්‍රීවරයා විසින් බව සත්‍යග්‍රහය මෙහෙය වූවන් චෝදනා කරයි.
එක්සත් ජාතික පක්ෂය නැවතත් සුපුරුදු පාතාල දේශපාලනය ආරම්භ කර ඇති බවට චෝදනා කරන ඔවුන් කිත්සිරි රාජපක්ෂගේ කීමට මෙම පහර දීමට පැමිණ ඇත්තේ මොහොමඩ් රිස්වාන් බවත් පවසයි.
එමෙන්ම කිත්සිරි රාජපක්ෂ හා මොහොමඩ් රිස්වාන් මෙවර පළාත් පාලන ඡන්දයට අත්වැල් බැඳ ගනිමින් එක්සත් ජාතික පක්ෂය හරහා මරදාන කොට්ඨාශයට තරඟ වැදීමට සුදානමින් සිටින බවද ඔවුන් අනාවරණය කරයි.
මෙම අනාවරණයන් සිදුකරන ලද්දේ සත්‍යග්‍රහය සම්බන්ධ වූවන් විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් තුලදීය.
එම වීඩියෝව..