යථාර්තයක් වීමට තිබූ සහසර’ මගී ප‍්‍රවාහන සේවය වසා දමයි!

 යථාර්තයක් වීමට තිබූ සහසර’ මගී ප‍්‍රවාහන සේවය වසා දමයි!

සහසර’ මගී ප‍්‍රවාහන නව්‍යකරණ වැඩසටහන මේ මස 28 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබේ.

මගී ප‍්‍රවාහන බස් රථ සේවාව සහ මගී ජනයා සුහුරු තාක්ෂණය ඔස්සේ බලගන්වමින් බස්රථ කර්මාන්තයට හා රටට ආර්ථික වාසියක් අත්කර ගැනීම සඳහා 2015 යහපාලන රජය යටතේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් මෙම ව්‍යපෘතිය ආරම්භ කරනු ලැබිණි.

පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දමන ලද අතර එය මේ මස 28 වැනිදා සිට නිලවශයෙන් වසා දමන බව පවසා තිබේ.

මෙම සහසර මගී ප්‍රවාහන සේවය යථාර්තයක් කිරීම සඳහා යහපාලන රජය තුළ එම අමාත්‍යංශය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති පවා සැලසුම් සහගතව ඉදිකරනු ලැබූ අතර මාලඹේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයද ඉන් එකකි. එමෙන්ම මාලඹේ මෙන් කිහිප ගුණයකින් විශාල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබු අතර මැනිං වෙළඳපොල එම ස්ථානයෙන් ඉවත්කරන ලද්දේද එම ව්‍යාපෘතිය ඇතිකිරීම උදෙසාය.

කෙසේ නමුදු රටේ මගී ප‍්‍රවාහනය කලාපයේ අනෙකුත් රටවල තත්ත්වයට ඔසවා තබමින් නියමු ව්‍යාපෘතිවලින් ලබාගත් සාර්ථකත්වයන්ද සැලකිල්ලට ගෙන සුහුරු බස් රථ කාර්යක්ෂම මගී ප‍්‍රවාහන සේවාවක් රට තුළ ඇතිකිරීමට අදාළ සියලූ දත්ත හා ක‍්‍රමවේදයන් දැනටමත් මේ මගින් හඳුනාගෙන ඇති මොහොතක මෙසේ වැඩසටහන වසා දැමීමට තීන්දු කර ඇත්තේ කුමන පදනමින්ද යන්න ගැටලුවකි.

Newspedia 02

Related post