මැතිවරණයට රාජ්‍ය දේපළ අවභාවිත කළොත් වැඩ වරදී!

පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදු වූ බවට ඔප්පු වුවහොත් අදාළ ආයතන භාරව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නඩු පවරා දඬුවම් කරන බව මැතිවරණ කොමිසම පවසයි.
මෙවර මැතිවරණය පළාත් පාලන ආයතන විසුරුවා හැරීමකින් තොරව පවත්වන ලබන අතර එහිදී මහනගර සභා, නගර සභා හා ප‍්‍රාදේශීය සභාවල දැනට කටයුතු කරන ප‍්‍රාදේශීය දේශපාලනඥයන් සියලූදෙනාම යළි මැතිවරණයට තරඟ කරන නිසාවෙන් ඔවුන් භාවිතා කරන වාහන ඇතුළු රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම නීති විරෝධී බව එමගින් පවසා තිබේ.
එම මන්ත‍්‍රීවරුන් මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපළ අවභාවිත කළහොත් යළි ඔවුන් මන්ත‍්‍රීවරුන් ලෙස පත්වූ පසු එම තනතුරු අහෝසි කිරීමට කොමිසමට නෛතික ප‍්‍රතිපාදන තිබෙන බවත් කොමිසම වැඩිදුරටත් පවසයි.