පොහොට්ටුවේ ඉඳන් වෙන පක්ෂ වලින් ඡන්දෙට එන 150කට විනය පියවර!

 පොහොට්ටුවේ ඉඳන් වෙන පක්ෂ වලින් ඡන්දෙට එන 150කට විනය පියවර!

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්‍ෂවලින් තරග වදින 150 පමණ පිරිසක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරා පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින ඇතැම් දේශපාලඥයන් පිළිබඳව කඩිමුඩියේ විනය පියවර නොගන්නා බවත් ඔවුන් පිළිබඳව ඉදිරියේදී විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පවසයි.

ඒ අනුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පක්‍ෂ සාමාජිකත්වය දරන යම් අයෙකු වෙනත් දේශපාලන ධාරා සමග කටයුතු කළහොත් ඒ අය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් කර පියවර ගැනීමට එම වරද ප‍්‍රමාණවත් බව කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

Newspedia 02

Related post