ඉන්දීයවෙන් තවත් බස් රථ 50ක්!

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සංකේතාත්මකව බාරදීම සිදු කළේය.
ඉන්දීය රජය 75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා මේ බස් රථ ලබාදීම සිදුකරනු ලබයි.
ඒ අනුව බස් රථ 165 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර 2023 මාර්තු අවසන් වන විට බස් රථ 500 ලබාදීමේ ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට නියමිතය.



