නිදහස් දිනය වැරදි නිවැරදි කරගන්න අවස්ථාවක්!

 නිදහස් දිනය වැරදි නිවැරදි කරගන්න අවස්ථාවක්!

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 75ක් සපිරීම සමරන නිදහස් දිනය වැරදි සහ අසාර්ථකත්වයන් නිවැරදි කර ගැනීමට අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් ප්‍රකාශ කළේය.

පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ බවත්, එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අභිප්‍රාය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මේ කාල වකවානුවේ දී වඩාත් ඉවසුම් සහගතව සහ අධිෂ්ඨානශීලීව ක්‍රියා කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළට දායක වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

Newspedia 01

Related post