ප්‍රවීණ ගේය පද රචක තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වේ!

ප්‍රවීණ ගේය පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 64 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා අතින් ලියවුනු ගීත අතර එච් ආර් ජෝතිපාලයන් විසින් ගැයූ මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝණි තරහා වෙලා, පියාණෙනි මා ඔබේ පුතු වේ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් වෙයි.
ඒ මහතාගේ දේහය අද රුක්මල්ගම පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු එළඹෙන ඉරිදා පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.