88 – 89 ගැන කී පුද්ගලයෙකුට පහරදුන් මලිමාවේ අපේක්ෂකයා පිහි ඇනුම් කයි!

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මාලිමාව ලකුණෙන් තරඟ කරන ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකුට පිහියෙන් ඇන ඇති සිදුවීමක් වාර්තා වේ.
ගල්ගමුව ප‍්‍රාදේශීය සභාවට තරඟ කරන පිහි ඇනුම් ලත් අපේක්ෂකයා මේ වනවිට රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යමින් සිටියදී අදාළ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාට පිහි අනුමට ලක්වීමට සිදුවතිබේ.
පිහි ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිද සඳහන් කරන්නේ අපේක්ෂකයා තම නිවසට පැමිණි අවසථාවේදී ජාතික ජනබලවේගයට අකමැති බව පැවසීම නිසාවෙන් තම සැමියාට පහර දීමට තැත් කිරීමේදී සැමියා ආත්මාරක්ෂාව වෙනුවෙන් අසල තිබූ පිහියෙන් ඡන්ද අපේක්ෂකයාට ඇන්න බවයි.
සිද්ධිය වූ අවස්ථාවේ සිටි අපේක්ෂකයාගේ සහයකයෙකු පවසන්නේ එම පුද්ගලයාගේ නිවසට මැතිවරණ ප්‍රචාරණයේ ගිය අවස්ථාවේදී ගෙහිමියා විසින් 88 – 89 කාලයේ සිද්ධීන් පැවසීම නිසාවෙන් ඇතිවූ බහින්බස් වීමක් තුලිදී මෙම පිහි ඇනුම සිදුවූ බවයි.
බිරිඳ කරන ප්‍රකාශයේ වීඩියෝව…