ගුරු පත්වීම් වලට ළමා මනෝ විද්‍යා පුහුණුවීම් අනිවාර්ය කරන්න සංවිධාන 14ක් ඉල්ලයි!

2017 සිදු කල අධ්‍යයනයෙන් ගුරුවරු 61.9% ක් අවම වශයෙන් එක් වතාවක් හෝ ගෙවුණු වාර කාලයේදී ශාරීරික දඬුවම් භාවිතා කල බවත්, 80.4% ක් දරුවන් ශාරීරික දඬුවමටත්, 53.2% ක් ශාරීරික අපයෝජනයටත්, 73.5% ක් මානසික හිංසනයටත් භාජනය වූ බව අනාවරණය වී ඇති බව ළමා ආරක්ෂක සන්ධානය ඇතුළු සංවිධාන කිහිපයක් පවසයි.
මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙවර රාජ්‍ය සේවයේ නියුතු වන්නන් ගුරු සේවයට බඳවා ගැනීමේදී ළමා මනෝ විද්‍යා පුහුණුවීම් අනිවාර්‍ය කලයුතු බවට සංවිධාන 14ක් ඉල්ලීමක් කර තිබේ.
මීට අදාළව ළමා ආරක්ෂක සන්ධානය විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට යොමුකරන ලද ලිපිය පහත දැක්වේ.