13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. එය කළ හැකි NPPයට පමණයි!

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පවසයි.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රශ්නය විසඳීමට ඉවහල් වේද යන්න පිළිබඳව තම පක්ෂය තුළ විවාදයක් පැවති බවය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පොරොන්දු සහ මුලපිරීම් පිළිබඳව තම පක්ෂයට විශ්වාසයක් නොමැති බව ඇය පැවසුවාය.
“13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ගැන ඔහු මේ මොහොතේ කතා කරන්නේ ඇයි? ඔහුට ඕනෑ තරම් කාලය සහ අවස්ථා තිබුනා. ඒ නිසා ඔහුගේ පොරොන්දු හිස් වචන පමණක් බවත් සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන නොයන බවත් අපි විශ්වාස කරනවා”
ආචාර්ය හරිනි අමරසූරිය
“ජාතික ගැටලුවට විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. එය දැනටමත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ තිබෙනවා. එය ක්‍රියාවට නැංවිය යුතු බව අප විශ්වාස කරනවා. නමුත් එය ජාතික ගැටලුවට සාධාරණ විසඳුමක් විය හැකිද යන්න පිළිබඳව අපට විවාදයක් තිබෙනවා. අපගේ ස්ථාවරය වන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ සැබෑ චේතනාවෙන් යුත් රජයක් ජාතික ගැටලුවට විසඳුම් ගෙන ආ යුතු බවයි. අපට වෙනත් පක්ෂ කෙරෙහි විශ්වාසයක් නෑ. එය කළ හැක්කේ එන්පීපීයට පමණයි.”