වසන්තගේ නඩු තුනකට ඇප හිමිවේ..

 වසන්තගේ නඩු තුනකට ඇප හිමිවේ..

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට එරෙහිව විභාග වන නඩු තුනකට අදාළව අද ඔහුට ඇප නියම කෙරිණ.

වසන්ත මුදලිගේ මහතාට එරෙහිව මෙම නඩු පවරා තිබුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ය.

“අද දින වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා ඇති නඩු තුනක් කැඳවනු ලැබුවා. ඒ නඩු තුනේම ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ. ඒ අනුව ඊයේ දිනයේදී ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් නිදහස් වුණ කාරණය පදනම් කරගෙන සහ දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම කාරණය පිළිබඳව අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අධිකරණය විසින් ඇප නියම කරනු ලැබුවා. ඒ අනුව එම නඩු තුනෙන්ම ඔහුට ඇප ලැබීම අද සිද්ධ වුණා. ඒත් සමඟම ඒ බන්ධනාගාරයට දන්වා ඔහුව නැවතත් එම අධිකරණයට කැඳවාගෙන ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කරගැනීමේ හැකියාවක් තිබෙනවා.”

නීතිඥ නුවන් බෝපගේ

Newspedia 01

Related post