වයඹ පළාත් සභා ලේකම්ගේ තීරණයකට අධිකරණයෙන් තහනම් නියෝගයක්!

හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානී ජයසිංහ මහත්මියට ලබාදී තිබෙන ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා ඊයේ (31) දින තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් තමන්ට ස්ථාන මාරුවක් ලබාදී ඇති බවටත් එම ස්ථාන මාරුව අවලංගු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ජයසිංහ මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කර තිබේ.
වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ, වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න, වයඹ පළාත් පාලන කොමසාරිස් එච්.එම්.සී.ජයලත්, වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා හලාවත ප්‍රාදේශීය සභාව මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ සංජීව විජේපාල මහතා මාර්ගයෙන් එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.