මෙරට අනාගත ග්‍රීන් හයිඩ්‍රජන් බලය අත්තනෝමතිකව ජනපති අත්සනින් ඉන්දියාවට!

විදුලිබල මණ්ඩලයේ විශේෂඥයින්ට අනුව මන්නාරම පූනරින් කලාපයේ සුලඟ මගින් විදුලිය නිපදවීම සදහා බලශක්ති ඝනත්වය ලෝකයේ බොහෝ ස්ථාන වලට වඩා ඉහල මට්ටමක පවතී.
අනාගතයේ සුලං මගින් නිපදවන අතිරේක විදුලිය ග්‍රීන් හයිඩ්‍රජන් (Green Hydrogen) නිපදවීම මගින් ප්‍රවාහනය වැනි බලශක්ති අවශ්‍යතාවයන්ට භාවිතා කිරීම සදහා ගබඩා කරගත හැකිය.
ගබඩා කල කල නොහැකි පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව මගින් නිපදවෙන විදුලිය භාවිතා කර ග්‍රීන් හයිඩ්‍රජන් නිපදවා ගබඩා කර භාවිතා කිරීම ඇතැම් රටවල දැනටමත් සිදුවේ.
මන්නාරම කලාපයේ සුලං විදුලිය අතිරේකව විශාල ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව පවතින බැවින් මෙමගින් නිපදවන ග්‍රීන් හයිඩ්‍රජන් අපේ බලශක්ති ගැටළුව විසඳීම සඳහා විශාල පිටුවහලක් වනු ඇත.
එහෙත් මේ වනවිටත් ලංකාවේ ඊලඟ අදියරේ පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව (Advanced Renewable Energy) හා ග්‍රීන් හයිඩ්‍රජන් (Green Hydrogen) නිපදවීම පිලිබඳ අධ්‍යයනය “ ග්‍රීන්ස්ටැට් හයිඩ්‍රජන් ඉන්දියා (පුද්) සමාගම(Greenstat Hydrogen India (Pvt) Ltd.) නමැති සමාගමකට විවෘත ක්‍රමවේදයකින් තොරව පවරා තිබේ.
තවත් පියවරක් ඉදිරියට තබමින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දන්වා ඇත්තේ හරිත හයිඩ්‍රජන් නිශ්පාදනය පිලිබඳ කිසිදු ආකාරයේ යෝජනාවක් භාර නොගන්නා ලෙසත් ලැබෙන යෝජනාවන් ග්‍රීන් ස්ටැට් සමාගමේ අධ්‍යයනය නිමවන තුරු එම සමාගම වෙත යොමු කරන ලෙසත් ය.
බලශක්ති කේෂේත්‍රයේ මෙවැනි ඒකාධිකාරයක් ඇති කිරීම රටේ බල ශක්ති සුරක්ෂිතතාවය පිලිබඳ අවධානයෙන් සිටින සියලු දෙනාගේ අවධානයට යොමුවිය යුතුය.
Greenstat Hydrogen India (Pvt) Ltd වෙත විවෘත ක්‍රමවේදයකින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් තබා පවරා දී ඇති ආකාරය පහතින්.
