මාලිනි විජයවීර අභාවප්‍රාප්ත වේ!

 මාලිනි විජයවීර අභාවප්‍රාප්ත වේ!

ගේයපද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය මියයන විට 89 වන වියේ පසුවූ විය.

අප කාගේත් මුවගට නැගෙන මව් ගුණ ගීයක් වන සී.ටී. ප්‍රනාන්දු ශූරීන්ගේ හඬින් ගැයෙන “මා බාල කාලේ අම්මාගෙ උකුලේ” ගීතය ඇය විසින් නිර්මාණය කරන ලද්දකි.

1991දී ඇගේ “පේ අයියා” යොවුන් නවකථාව විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබීය.

කලා ලොවට මහඟු සේවයක් ඉටුකළ මාලිනි විජයවීරයන්ගේ අවසන් කටයුතු හෙට (02) සවස 5.00ට ගල්කිස්ස ආදාහනාගාරයේදී සිදුකෙරේ.

Newspedia 02

Related post