චීන තානාපති කාර්‍යාලයේ ‘ව්‍යාජ’ ලිපියක් ගැන සී.අයි.ඩී. විමර්ශණ

 චීන තානාපති කාර්‍යාලයේ ‘ව්‍යාජ’ ලිපියක් ගැන සී.අයි.ඩී. විමර්ශණ

ශ්‍රී ලංකාවේ ණය හිලව් කිරීමට චීනයට නොහැකි බව පවසමින් චීන තානාපති කාර්යාල ලිපි ප්‍රධානියා වෙත ‘ව්‍යාජ’ ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශණයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයෙක් පවසා තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් ඩේලි මිරර් පුවත්පත සමග පවසා ඇත්තේ සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය වන ව්‍යාජ ලේඛනයක් පිළිබඳව තානාපති කාර්යාලයේ නිලධාරියා තමා දැනුවත් කළ බවය.

එම ලිපිය සම්බන්ධයෙන් චීන නිලධාරීන් විමර්ශණයක් ඉල්ලා ඇති අතර, ඒ අනුව විමර්ශණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ලිපි ශීර්ෂය යටතේ 2023 ජනවාරි 18 දිනැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද බව කියන ලිපියක් පසුගියදා සමාජ මාධ්‍යවල පුළුල් ලෙස පැතිර ගියේය.

ඒ ලිපියට අනුව, චීන ආර්ථිකය ද COVID-19 වසංගතයෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් චීනයට හිඟ ණය හිලව් කිරීමට නොහැකි බව පවසා තිබේ.

පසුව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ ලිපිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලේඛනයක් බවය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය එහි නිල ලිපි ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ මුදල් අමාත්‍යවරයාට ලියා ඇති බවට සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක් සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බව පැහැදිලි කරයි.

Newspedia 01

Related post