කෙහෙළියගේ විදෙස් ගමන් තහනම ඉවතට..

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පෙබරවාරි 21 සිට මැයි 20 දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නේය.
GI පයිප්ප නඩුවට අදාළව අධිකරණය මගින් අමාත්‍ය රඹුක්වැල්ලගේ විදේශ ගමන් බලපත්‍රය රඳවාගෙන ඇති අතර, රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ සම්පාදනය කරගැනීමට හැකිවන පරිදි තමාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු කොළඹ මහාධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය.
2015 ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ (SLRC) මුදල් යොදවා GI බට මිලදී ගෙන රජයට අයුතු පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණ.
ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ අමාත්‍ය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ සහ එහි සභාපති විමල් රූබසිංහ යන අයට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබිණ.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් නඩුව මාර්තු 14 වැනි දිනට පෙර විභාගයට නියම කළේය.