අමතර ජල මුදාහැරීමකට මහවැලිය බෑ කියයි!

උසස් පෙළ කාලසීමාව තුළ වැඩි කාලයක් විදුලිය ලබාදීම සඳහා අමතර ජලය මුදාහැරීමක් මහජන උපයෝගීතා කොමිසම ඉල්ලා සිටියද එය සිදු කලා නොහැකි බවට මහවැලි අධිකාරිය පවසයි.
ඒ අනුව අද (01) සිට අමතර ජලය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව පවසන මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පවසා සිටින්නේ සාමාන්‍ය පරිදි විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ලබාදීමට හැකි බවයි.
මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්..
“අප වෙත මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.. විදුලි නිෂ්පාදනය සඳහා ජලය වැඩිපුර ලබාදෙන්න කියලා. ඊයේ සහ අද සැලකියයුතු වර්ෂාවක් අපි මහවැලි ගංඟා ද්‍රෝනිවලට බලාපොරොත්තු වුණා. නමුත් එම වර්ෂාපතනය මේ වෙනකොට උතුරු පළාත පැත්තට බරව තමයි ගමන් කරන්නේ. ඒ නිසා විදුලි නිෂ්පාදනය කරන්න අපි ඊයේ සහ අද ලබාදීලා තිබුණ ජල ප්‍රමාණය තරමක් දුරට අඩු කරලා.. සාමාන්‍ය පරිදි ජලය ලබාදීමට කටයුතු කළා.”