රට අර්බුදයේ ගිලෙද්දී ජනපති අගමැති Classmateලා වියදම් වැඩි කරගනී!

ශ්‍රී ලංකාව තවමත් එහි දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ සිටියි. මීට මාස කිහිපයකට පෙර ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ණය ගෙවීම අත හැරියේය.
ගෙවිය යුතු ණය සහ ජීවන වියදම ඉහළ ගියද, පුරවැසියන්ට ජීවන තත්ත්වය පිළිබඳ සම්මුතියක් ඇති කර ගැනීමට මෙන්ම, අධික ලෙස සිඳුණු මහා භාණ්ඩාගාරයට යම් සහනයක් ලබා දීම සඳහා ඉහළ බදු ගෙවීමට තිබේ.
කෙසේවෙතත්, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සඳහා බිලියන ගණනින් වෙන්කළ අයවැය ප්‍රතිපාදනයන්ගෙන් තවමත් ප්‍රධාන වියදම් කප්පාදුවක් සිදු කොට නොමැත.
මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 දී ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම අමාත්‍ය මණ්ඩල කාර්යාලය සඳහා ‘විශේෂ වියදම් ඒකක’ යටතේ වෙන් කර ඇති අයවැය ප්‍රතිපාදන ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව වැඩි වෙනසක් සිදු කොට නොමැති අතර, ඇතැම් වෙන්කිරීම් ඉහළ නංවා තිබේ,.
ඒ අනුව, ජනාධිපතිවරයාගේ ‘විශේෂ වියදම් ඒකකය’ සඳහා 2022 වසරේ දී රුපියල් බිලියන 3.04 ක් ද, 2023 දී රුපියල් බිලියන 3.88 ක් ද වෙන් කොට තිබේ.
භාණ්ඩාගාර සංඛ්‍යාලේඛනවලට අනුව ජනාධිපතිවරයාට ‘අතිකාල සහ නිවාඩු ගෙවීම්’ සඳහා පසුගිය වසරේ ප්‍රතිපාදන පරිදිම රුපියල් මිලියන 70ක් වෙන් කර ඇති අතර 2023 වසර සඳහා දේශීය හා විදේශීය සංචාර ඇතුළත් ගමන් වියදම් ලෙස රුපියල් මිලියන 86ක් වෙන් කර ඇත. 2022 සඳහා ඒ සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 26 කි.
ජනාධිපතිවරයාගේ වාහන, කම්හල්, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි සහ ව්‍යුහයන් වැනි නඩත්තු වියදම් යටතේ 2022 සඳහා වෙන් කළ මුදලම 2023 වසරේදී භාණ්ඩාගාරය විසින් (රුපියල් මිලියන 450ක්) වෙන් කර ඇත.
අග්‍රාමාත්‍යවරයාට, මෙම විශේෂ වියදම් ඒකක කාණ්ඩය යටතේම, 2023 සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1.01 කි. කෙසේ වෙතත්, මෙය 2022 සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 1.43 ට සාපේක්ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කරයි.
අතිකාල සහ නිවාඩු ගෙවීම් යන කාණ්ඩය යටතේ භාණ්ඩාගාරය විසින් අගමැතිවරයා වෙනුවෙන් රුපියල් මිලියන 40ක් වෙන් කර ඇති අතර දේශීය හා විදේශීය ගමන් වියදම් ලෙස රුපියල් මිලියන 18ක් වෙන් කර ඇත.
වාහන, කම්හල් සහ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නඩත්තු වියදම් ලෙස රුපියල් මිලියන 172ක් අගමැතිවරයා සඳහා වෙන් කර ඇත.
අමාත්‍ය මණ්ඩල කාර්යාල සඳහා 2022 සඳහා වෙන් කළ රුපියල් මිලියන 217 ක් වන අතර, 2023 සඳහා රුපියල් මිලියන 263 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇත.
පාර්ලිමේන්තුව සඳහා, 2022 සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 3.43 ක් වන අතර, 2023 දී භාණ්ඩාගාරය ඒ සඳහා රු. බි. 3.81 ක් වෙන් කර ඇත.
2023 වසර සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සඳහා රුපියල් මිලියන 70ක් වෙන්කර තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සඳහා රුපියල් මිලියන 160ක් වෙන් කර ඇත. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සඳහා රුපියල් මිලියන 235ක් වෙන්කර තිබේ.
මේ ප්‍රතිපාදන ලැබෙන්නේ රෝහල් තවමත් ඖෂධ හිඟයකට මුහුණ දී සිටින අවස්ථාවක වීම විශේෂත්වයකි.
මෙතරම් ආර්ථික අර්බුදයක් හමුවේ රජයට තම වියදම් විශාල වශයෙන් කප්පාදු කර රටට යම් සහනයක් ලබාදීමට නොහැකි ඇයි?
ඖෂධ හිඟය සහ දහස් ගණන් ව්‍යාපාරවලට බලපාන ආනයන වෙළෙඳපොළ සීමාකාරීව පවතින මෙවන් වකවානුවක, ළමුන් අතර මන්දපෝෂණය ද බහුලව දක්නට ලැබේ. ණය ගෙවීමෙන් යම් සහනයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආධාර මත දැඩි ලෙස රඳා පවතී. ආණ්ඩුව තමන්ගේ වියදම් කපාහැරීම වචනවලට සීමා කරමින් සිටීම රටේම අභාග්‍යයකි.