බෞද්ධයන්ගෙන් සමාව ගැනීමට සේපාල් සූදානම්!

දළදා වහන්සේ සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව පසුවූ සේපාල් අමරසිංහ මහතා ලොව පුරා බෞද්ධ ජනතාවගෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලීමට සූදානම් වේ.
ඒ බව ඔහුගේ නීතීඥයා මාර්ගයෙන් දැනුම් දීමට අමරසිංහ මහතා කටයුතු කර තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් වෙත ලිපියක් යවමින් නීතිඥ දර්ශන කුරුප්පු මහතා සඳහන් කළේ තම සේවාදායකයාගේ ප්‍රකාශය ලෝකය පුරා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ බෞද්ධ ප්‍රජාවගේ සිත් රිදවන්නේ නම් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට තම සේවාදායකයා සූදානම් බවය.
නීතීඥ දර්ශන කුරුප්පු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ බෞද්ධ දර්ශනයට හෝ දළදා මාලිගාවට අපකීර්තියක් ගෙන දීමට කිසිදු අදහසක් තමා තුළ නොමැති බව ප්‍රකාශ කරන ලෙස තම සේවාදායකයා උපදෙස් දී ඇති බවය.