ත්‍රස්ත පනතින් සිර කළ වසන්ත නිදහස් වෙයි. නමුත් තවමත් රිමාන්ඩ්!

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ ඊට අදාළ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින අසූ නමයක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් විසි එක් වෙනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.
අද මෙම නඩුවෙන් ඔහු නිදහස් කෙරුණද, තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.