ඉදිරි ජනාධිපතිවරණය මම ජය ගන්නවා!

 ඉදිරි ජනාධිපතිවරණය මම ජය ගන්නවා!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය සහිතව තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (31) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව නිවේදනය කළේය.

තමන්ට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වී ජනාධිපතිවරණය ජයගත හැකි බවට හිටපු ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.

තමාට එරෙහි කිසිදු කුමන්ත්‍රණයකට තමන් බිය නොවන බවත් තමන් කිසිවකට පසුබසින අයෙකු නොවන බවත් ඔහු කියා සිටියේය.

“මම කිසිම දෙයකට පසුබසින්නේ නැහැ. මම කිසිම කුමන්ත්‍රණයකට බය නැහැ. මම නීතියට සහ අධිකරණයට ගරු කරනවා. මම ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයේ සහාය ඇතිව තරග කරනවා. මොනතරම් බාධා කළත් මම තරග කරනවා” .

Newspedia 01

Related post