හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කල් දමයි

ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය විසින් අද පෙබරවාරි 28 වැනිදාට කල් තැබීය.
මෙම නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබුණද, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම සඳහා ඉදිරි දිනයක් ඉල්ලා සිටියේය.
මීට පෙර අවස්ථාවකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ පාසල් සිසුවෙකු හැර, පැහැරගැනීමේ සිද්ධියට වරද පිළිගත් තවත් විත්තිකරුවන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 12කට අත්හිටවූ වසර දෙකක සිරදඬුවම් නියම කළේය.
දෙමටගොඩ දී වින්දිත අමිල ප්‍රියංකර නමැත්තා පැහැරගෙන තර්ජනය කිරීම, පහරදීම සහ බිය ගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ විත්තිකරුවන් 9 දෙනාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇත.
පැමිණිලිකාර අමිල ප්‍රියංකර මහතා චෝදනා කළේ 2015 දෙසැම්බර් 21 වැනිදා කළු ඩිෆෙන්ඩර් රථයකින් දෙමටගොඩට පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් පහර දුන් බවයි.