මැතිවරණ දිනය ගැසට් කරන්න දිස්ත්‍රික්ක කිහිපයකින් මුද්‍රණාලයට දැන්වීම් එවයි!

 මැතිවරණ දිනය ගැසට් කරන්න දිස්ත්‍රික්ක කිහිපයකින් මුද්‍රණාලයට දැන්වීම් එවයි!

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වනදා පවත්වන බවට මැතිවරණ කොමිසම විසින් නිවේදනය කිරීමත් සමඟ එම දිනය ගැසට් නොකළ බවට දැඩි මතවාදයක් ගොඩ නැගුණ අතර මැතිවරණ කොමිසම සඳහන් කර සිටියේ එම දින වකවානු හා අදාල කාරණා දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රකාශයට පත් කිරීම නීතිය බවයි.

ඒ අනුව අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් දිස්ත්‍රික්ක කිහිපයකින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව වාර්තා වන අතර එම දැන්වීම් එළඹෙන දින කිහිපයේ දී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

මැතිවරණ පනත අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම්දීම සිදුකරනු ලබයි.

ඒ අනුව මැතිවරණ දිනය, වේලාව, පක්ෂවල නම් සඳහන් කරමින් අදාළ ගැසට් නිවේදනය ඉදිරිපත් කරනු ඇත.

Newspedia 02

Related post