ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අභාවප්‍රාප්ත වේ!

 ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අභාවප්‍රාප්ත වේ!

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා ඊයේ (29) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.

වේදිකා නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍ර සඳහා මහඟු සේවයක් ඉටුකළ එතුමා මියයන විට 81 වැනි වියේ පසුවිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය ලබා ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹි කේ.බී. හේරත් මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙනි.

ඒ මහතාගේ උපන් ගම වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගමයි.

Newspedia 02

Related post