නිලන්තට දඬුවම් දීම අරඹයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අනුව පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
මාස 06ක් ඇතුළත පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කරන බව ද මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු මත ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් වගකියන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග කළේය.
මීට පෙර පොලිසිය පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් මූලස්ථානයට ලැබී ඇති අතර එය පොලිස් නීති දෙපාර්තමේන්තුවට ද යොමු කර ඇති බවයි.