39 හැවිරිදි ගුරුවරියට අතවර කළ හිටපු ප්‍රා.ස මන්ත්‍රී රිමාන්ඩ්!

 39 හැවිරිදි ගුරුවරියට අතවර කළ හිටපු ප්‍රා.ස මන්ත්‍රී රිමාන්ඩ්!

39 හැවිරිදි හිටපු ගුරුවරියකට ලිංගික අතවර කළ බව කියන හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙළෙඳ සැලකට යමින් සිටි ගුරුවරිය මහමඟදීම වැලඳගෙන ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි මොරගහහේන පොලීසිය පවසයි.

පසුව එම කාන්තාව ග්‍රහණයෙන් මිදී 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව ඒ මොහොතේම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ එම ක්‍රියාව හේතුවෙන් ඇයගේ පපු ප්‍රදේශයේ සීරීම් තුවාලවලට ලක්ව ඇති අතර ඇය රෝහල් ගතවී තිබේ.

සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර ඇත.

Newspedia 02

Related post