ෂාෆ්ටර් මරණයේ අලුත්ම කතාව: අන්තිම කැමැති පත්‍රයකුත් එළියට!

ආන්දෝලනාත්මක අයුරින් ඝාතනයට ලක්වූ බව කියන ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට සති කිහිපයකට පෙර සිය අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බව පොලිසිය විසින් සොයාගෙන ඇත.
එම අන්තිම කැමැති පත්‍රය අනුව තමන්ගේ පවුලේ සියලු දෙනාටම පාහේ ඔහු සතු බූදලයෙන් උරුම වන කොටස පවරා දී ඇතැයි ද පැවසේ.
දැනට එම අන්තිම කැමැති පත්‍රයට අදාළ විස්තර පොලිසිය සතුවන බැවින් ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ නව මාවතකට යොමු වී ඇති බව වාර්තා වේ.
srilanka MIRROR