ලිංගික අතවර චෝදනා ලැබූ ධනුෂ්කගේ ක්‍රීඩා ජීවිතේම ඉවරයි!

ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීතිපති උපදෙස් ලබා දී තිබේ.
එහිදී නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට උපදෙස් ලබාදී ඇත්තේ ධනුෂ්ක ගුණතිලකට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට හෝ වෙනත් ක්‍රීඩාවකට සහභාගි වීම වළක්වමින් ඔහුට සම්පූර්ණ තහනමක් පනවන ලෙසයි.
නීතිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කරනු ලැබූ කමිටුව ලබාදුන් වාර්තාවේ අන්තර්ගතය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව.
එමෙන්ම මෙම සංචාරයේ දී විනය විරෝධී ක්‍රියාවල නිරත වූ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.
නීතිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් පිටු දෙකක ලිපියක් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහගේ අත්සනින් යුතුව සිකුරාදා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර ඇත.