මැතිවරණ කොමිසමේ අයට මරණ තර්ජන එන තැන පොලීසිය කියයි!

 මැතිවරණ කොමිසමේ අයට මරණ තර්ජන එන තැන පොලීසිය කියයි!

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනෙකුට තර්ජනය සිදුකර ඇත්තේ, විදෙස් රටක සිට බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

“මේ විමර්ශනවලදී අනාවරණය වන දේ තමයි එකම දුරකථන අංකයකින් තමයි මේ තර්ජන සිදුවන්නේ. ඒ දුරකථන අංකය ගාල්ල ප්‍රදේශයේ යම් ලිපිනයක් සහිත දුරකථන අංකයක්. නමුත් ඒ පිළිබඳ සොයා බැලීමේදී මෙතෙක් අනාවරණය වෙලා තියෙනවා ඒ ලිපිනයේ ඒ පුද්ගලයා දැනට ලංකාවෙත් නැහැ. ඒ වගේම ඔහුට මේ පිළිබඳ දැනුමකුත් නැහැ කියන එක තමයි දැනට අනාවරණය වී තිබෙන්නේ. කෙසේ වෙතත් මේ දුරකථන ඇමතුම් විදේශ රටක සිට එන දුරකථන ඇමතුමක් කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ අයතනවල සහායත් ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා.”

Newspedia 02

Related post