ජනක රත්නායක එළවන්න චෝදනා පත්‍රය හදලා ඉවරයි! – කංචන විජේසේකර

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට එම අමාත්‍යංශයේ දී පැවැත්වේ.
එහිදී අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බවයි.
ඒ සඳහා අදාල චෝදනා පත‍්‍රයට ආණ්ඩු පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් එකග වී ඇති බව ද හෙතෙම පැවසීය.