චාල්ස්ගේ ඉල්ලා අස්වීම තවම පිළිගෙන නැහැ?

 චාල්ස්ගේ ඉල්ලා අස්වීම තවම පිළිගෙන නැහැ?

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නොමැති බව, ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ඉල්ලා අස්වීම පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දිනෙකදී තීරණය කරනු ඇති බව එම වාර්තා වල දැක්වේ.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට පසුගිය 25 වැනිදා ලිපියක් මගින් දැනුම් දෙනු ලැබිණි.

Newspedia 02

Related post