උසස්පෙළ කාල සීමාව තුල විදුලි කප්පාදුවට එරෙහිව ජනතාව විරෝධතාවයේ!

උසස්පෙළ කාල සීමාව තුල විදුලි කප්පාදුව කිරීමට එරෙහිව අද (30) දින කොළඹ 12,කෙසෙල්වත්ත ගුණසිංහ පිළිරුව අසල විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.
මානව හිමිකම් කොමිසම මගින් විදුලිබල මණ්ඩලයට හා අමාත්‍යංශයට උසස්පෙළ කාල සීමාව තුල විදුලි කප්පාදුව සිදු නොකරන ලෙසට නියෝග කර තිබුනත් එම නියෝග නොතකා සිදුකරන විදුලි කප්පාදු කිරීමට එරෙහිව අද සවස 6.45ට පමණ මෙම විරෝධතාව පැවැත්විණ.
කිංස්ලි පෙරේරා, සචිත් රණසිංහ, මොහොමඩ් ඉන්ෆාස් ඇතුලු ප්‍රදේශ වාසීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කරන ලදී.












