ඊබ්‍රහිම් සොලී හමුවේ රනිල්ගේ උපදේශක මාලදිවයිනේ නෂීඩ් පරදී!

මාලදිවයින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයා බවට වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් සොලී පත්ව තිබේ.
ඊයේ (28) දින මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ පැවති ප්‍රාථමික මැතිවරණයෙන් ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට එරෙහිව ඡන්දවලින් 60% කට වඩා ලබා ගත් බව මාලදිවයින් Avas වෙබ් අඩවිය වාර්තා කරයි.
වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් සොලී වසර 5ක් සඳහා 2018 දී ජනාධිපති විය.
හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් දැනට පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් කටයුතු කරයි.
එමෙන්ම නෂීඩ් මේ වනවිට ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදේශකයකු ලෙසද කටයුතු කරයි.
සොලීගේ ජයග්‍රහයනය මාලදිවයින තුළ ධුරයේ රැඳී සිටින ජනාධිපතිවරයෙකු නැවත මැතිවරණයට තරග කිරීම සදහා පැවති ප්‍රාථමික ඡන්ද විමසීමකින් ජය ලැබූ පළමු අවස්ථාව ද වේ.