13 ගැන ගෙවිඳු රනිල් හා ඇවිලෙයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි විවේචනයට ලක් කළේය.
බ්‍රහස්පතින්දා (26) පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් කුමාරතුංග මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වූ ධූර කාලයෙහි ඉතිරි කාලය තමන් ගත කරන බැවින් 13A ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බවය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා පත් කර ගනිමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස ලක්ෂ 69 ක ජනතාවක් ප්‍රතික්ෂේප කළ බවත්, එබැවින් වත්මන් පාලන කාලය තුළ එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති වික්‍රමසිංහ මහතාට ජනවරමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“මම හිතන්නේ ඔබට ව්‍යවස්ථාව ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. මම විධායකය. මාව තෝරනකොට සජිත්ට ගෝඨාභයට ඡන්දේ දීපු අයත් මට ඡන්දය දුන්නා” යැයි කුමාරතුංග මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේය.
“මට නීති සම්මත කරන්න බැහැ, ඒක පාර්ලිමේන්තුවේ වැඩක්. මට පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්න විතරයි. ඒවා සම්මත කරනවාද නැද්ද යන්න තීරණය කිරීම පාර්ලිමේන්තුවේ යුතුකමක්.” ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.