මාස 2 න් බංකොලොත් බව සහමුලින්ම දුරුවෙනවා!

 මාස 2 න් බංකොලොත් බව සහමුලින්ම දුරුවෙනවා!

රටේ බංකොලොත්භාවය තව මාස දෙකකින් සහමුලින්ම දුරුවෙන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

කරන්දෙනිය එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය පිහිටුවීම නිමිත්තෙන් අද (28) පැවති රැස්විමේදී නානායක්කාර මහතා එසේ කීවේය.

“මේ රටේ කොන්ද පණ තියෙන එකම නායකයා රනිල් වික්රමසිංහ මහතාට පමණයි.රට වැටී ඇති බංකොලොත් තත්ත්වයෙන් මුදවා ගැනීමට කොන්දක් ඇති නායකයෙක් විදිහට ඉදිරිපත්වුනේ රනිල් මහත්තයා විතරයි.අනෙක් අය කොන්දක් නැති අය විදිහටයි කටයුතු කළේ.

රට වැටී ඇති තත්වයෙන් දැන් දැන් මිදෙමින් තියෙනවා.තව මාස දෙකකින් රටේ බංකොලොත් භාවය නැත්තටම නැතිවී යනවා” 

මනූෂ නානායක්කාර

Newspedia 01

Related post