නිදහස් උත්සවය ගැන ‘තර්ජනාත්මක’ ෆේස්බුක් පෝස්ට් පළකළැයි අයෙක් අත්අඩංගුවට!

 නිදහස් උත්සවය ගැන ‘තර්ජනාත්මක’ ෆේස්බුක් පෝස්ට් පළකළැයි අයෙක් අත්අඩංගුවට!

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක්ව මහරගම දී අත්අඩංගුවට ගෙන තිබේ.

ෆේස්බුක් සමාජ ජාලයෙහි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පෝස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

40 හැවිරිදි සැකකරු අද (27) නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Newspedia 01

Related post