ඩයනාට සති දෙකක් කල් දෙයි.

සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය අද ඇයට තවත් කල් ලබා දුන්නේය.
ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විරෝධතා ගොනු කිරීමට තවත් මාස දෙකක කාලයක් ඉල්ලා සිටියේ තම සේවාදායකයා නිල රාජකාරියක් සඳහා විදේශ ගත වීමට නියමිතව සිටින බව පෙන්වා දෙමිනි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් සහ නිෂිකා ෆොන්සේකා කල් ලබා දීමට විරෝධය පළ කළහ. ඩයනා ගමගේගේ හැසිරීම අභියාචනාධිකරණයට අපහාසයක් බවද ෆාරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේවෙතත්, කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඩයනා ගමගේ වෙත, විරෝධතා ගොනු කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දුන්නේය.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මෙම පෙත්සම ගොනු කළේ ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සකු බැවින් ඇයට මන්ත්‍රී ධූරයක් දැරීමට අයිතියක් නොමැති බව ප්‍රකාශ කරන Quo Warranto ආඥාවක් වැනි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.
වැඩිදුර කරුණු දක්වා ඇති පෙත්සම්කරු සඳහන් කොට ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් දැරිය හැක්කේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට පමණක් බවත්ය. පෙත්සම්කරු අවධාරණය කරන්නේ වෙනත් රටක පුරවැසිභාවය ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමි වී ඇති බවයි. ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ, ද්විත්ව පුරවැසිභාවය හෝ වෙනත් කිසිදු ආකාරයක පුරවැසිභාවයක් ලබාගෙන නොමැති බව ද පෙත්සම්කරු පැවසීය.
ඩයනා ගමගේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට හෝ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 90 වැනි ව්‍යවස්ථාව සමඟ කියවා ඇති 91 වැනි ව්‍යවස්ථාව යටතේ සහ ප්‍රකාරව පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුස්සකු බව පෙත්සම්කරු වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆාමන් කැසිම් මහතා පෙනී සිටියේය.