උසස් පෙළ නිසා විදුලිය කපන වෙලාවේ වෙනසක් හෝ විදුලිය නොකැපීමේ තීන්දුවක් හෝ අරන් නෑ!

 උසස් පෙළ නිසා විදුලිය කපන වෙලාවේ වෙනසක් හෝ විදුලිය නොකැපීමේ තීන්දුවක් හෝ අරන් නෑ!

දැනට පැවැත්වෙන උසස් පෙළ විභාගය හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමේ කාල සීමාව වෙනස් කිරීමට හෝ විදුලිය විසන්ධි නොකිරීමේ තීරණයක් හෝ ගෙන නොමැති බව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසයි.

දැනට පැවැත්වෙන උසස් පෙළ විභාග හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

නියමිත විදුලි කප්පාදුවේ වෙනසක් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය වෙනත් කිසිදු පාර්ශ්වයක් සමඟ ගිවිසුම් ඇති කර ගෙන නොමැති බව ඔහු පැවසීය.

“උසස් පෙළ විභාග කාලය තුළ අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා රුපියල් මිලියන 4,100 ක් අවශ්‍ය වෙනවා, විදුලිය කප්පාදු නොකරන බවට ප්‍රකාශයක් කරලා නැහැ,” ඔහු පැවසීය.

“කෙසේවෙතත් විභාගය පැවැත්වෙන දවල් කාලයේ විදුලි කප්පාදුවක් සිදුකළේ නැහැ. ඒ වගේ දෙයක් වුනානම් ඒක හදිසි බිඳවැටීමක් වෙන්න පුළුවන්”

“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් (CPC) ඉන්ධන ලබා නොදී විදුලිබල මණ්ඩලයට විදුලිය ලබාදීමේ හැකියාවක් නෑ”

“තෙල් සංස්ථාව අඛණ්ඩ සැපයුමක් ලබා දීමට එකඟ වූවා නම් අපට සලකා බැලිය හැකියි. නමුත් ඒකත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) හරහා සිදු කළ යුතුයි.”

Newspedia 01

Related post