NPP එකේ සමාජවාදය නෑ! – “මම යනවා පෙරටුගාමී එකට” – ජවිපෙ මන්ත්‍රී පක්ෂය හැරයයි

 NPP එකේ සමාජවාදය නෑ! – “මම යනවා පෙරටුගාමී එකට” – ජවිපෙ මන්ත්‍රී පක්ෂය හැරයයි

ජනතා විමුක්ති පෙරමුණ මගින් දේශපාලනයට පැමිණ නියාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධූරයක් හිමිකර ගනු ලැබූ සරත් විජේතුංග මහතා මෙවර ජාතික ජනබලවේගය යටතේ තරඟ නොකර ඉවත් වීමට තීරණය කර ඇති බව සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් පවසයි.

ඒ මහතා පවසා සිටින්නේ තමන් දරන සමජවාදී අදහස් මේ වනවිට ජාතික ජනබලවේගය තුළින් පිළිඹිබු නොවන බවත් එම සමාජවාදී සංකල්පය සහිත පෙරටුගාමී සමජවාදී පක්ෂය සමඟ තමන් සම්බන්ධ වන බවත්ය.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට තමන් පෙරටුගාමී සමජවාදී පක්ෂය තුලින් තරඟ වැඩිම සඳහා 19 දෙනෙකු සමඟ ජාතික ජනබලවේගයෙන් ඉවත්ව යනබව ඒ මහතා සටහන් කර තිබේ.

සමජවාදී සංකල්පය සමඟ ගොඩ නැගුනු ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට NPP හරහා එම සංකල්පය මඟ හැර නවලිබරල් සංකල්පය ලඟා කරගෙන ඇති බව බොහෝ සමාජවාදී අදහස් දරන්නන් සිදුකරන චෝදනාවක් වී තිබේ.

එම සටහන මෙසේයි..

2023 පුංචි මැතිවරණය හා මම___?

මම ප්‍රා:සභා මන්ත්‍රී කෙනෙක් ලෙස වසර කීපයක් අත්දැකීම් ලැබුව ඒ ජවිපෙ මංත්‍රි වරයෙක් ලෙස,, පෞද්ගලික අරමුණු නැති දුෂණ වංචා නැති කෙනෙක් ලෙස පක්ෂ මතය නියෝජනය කරා අවංකව ලෙස,, සභාව තුළ ඒ වාට එරෙහිව කටයුතු කලා,,පොද්දිවල ගමට පානීය ජල යෝජනා ක්‍රම යක් ක්‍රියාත්මක කරා කියලා රු:165000 මුදල් වංචා වක්, වගේම මත්තක තැපැල් කාර්යාලය ලග සිට පිටිගල ට තිබූණ ටෙලි ෆොන් කණු ගලවා අතුරුදහන් කිරීම්,, සභාපති පාවිච්චි කල කැබ් රථයට සියළු ටයර් දැම්බව අගවා මුදල් වංචා කිරීම ඉන් කීපයකි,, සිදුවූයේ චෝදනා ලද සභාපති පලාත් සභාවේ මංත්‍රි කර අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කිරීම පමණි.. මංත්‍රි කාලය තුළ මා පෞද්ගලික ලබාගත් දෙයක් වේනම් සභාදින කෑ මාළු පාං ගෙඩිය,තේ එක ,ෆයිඩ් රයිඩ් එක පමණි වැටුප් පක්ෂ යට ලබාදුනි, මේ නිසා ජන්දයකින් කලහැකි දෙයක් නෑ කියල මට හිතුනා,,

ඔය අතරේ තමයි ආදරයේ අරගලය කොළඹින් ඇරඹියේ,”ගෝඨා ගෝ ගම” හරහා නව පියවරක් ඉදිරියට තියන තරුණ තරුණියන් හමුවෙන්නේ,,

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, දුෂණ වංචා වලට තිත තබා අපි යවන මහජන නියෝජිතයන් නිළකාලයට ප්‍රතම ඉවත් කිරීමට ඇති හැකියාව ව්‍යවස්ථාව ට ඇතුලත් කරන්න, ආහාර, ඖෂධ, විදුලිය, ගෑස්, පොදු ප්‍රවාහන, ඉන්ධන ආදිය සදහා සහන ලබාදීම එම අරගලයේ අරමුණු විය,

ඒ සදහා බලසම්පන්න ජනතා බලයක් පාර්ලිමේන්තු වෙන් පිට ගොඩනැගීම තමයි කලයුතු දේ කියල පූර්ණ විධායක ජනාධිපති රටින් පන්නලා, ඇමති මණ්ඩලය ඉවත් කරල, අගමැති මහින්ද, තනතුරෙන් ඉවත් කර බැසිල් කබ්රාල් ඉවත් කරල ප්‍රායෝගික ව ඔප්පු කරා අන්න ඒ මහපාරේ තිබුණ මහජන බලය කල්පවත්නා යාන්ත්‍රණය යක් ඇතිකිරීම මේ ඇති වී ඇති දේශපාලන ආර්ථික බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමට ඇති එකම විකල්පය කියල හිතනව,,ජන අරගල සභා හරහා ගොඩනැගෙන ජනතා කවුන්සිලය නම් ආයතනයක් පාර්ලිමේන්තු වට පිටින් ගොඩනගා නිල්,රතු කොළ,දම් ආදී කවුරු ආණ්ඩුවේ බලය අල්ලලා ගත්තත් ජනතා බලය,, ජනතා හඬ,, නොසලකා කටයුතු කරන්න බැරි ක්‍රම වෙනසක් කළ යුතු ය.
ඒ නිසා ඊට මං විවර කර ඇති දේශපාලන පක්ෂ ය වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියල මට හිතුනා ඒ නිසා මම 19 දෙනෙක් පෙරටු කරගෙන කුළු ගෙඩිය ලකුණින් නියාගම ප්‍රා:සභාවට තරග කරන බව ඔබට කියන්න ඕන,, ඒ සම්බන්ධයෙන්,ඔබ සමග කතා කිරීමට කැමති යි,, හමුවෙමු,,,

Newspedia 02

Related post