මම ඉල්ලා අස්වෙන්නේ නෑ!

 මම ඉල්ලා අස්වෙන්නේ නෑ!

තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කරයි.

ඔහු කියා සිටියේ පළවන මේ අසත්‍ය තොරතුරු වලට පිළිතුරු දීමට කාලය වැය කිරීම පවා අර්ථයක් නොමැති දෙයක් බවයි. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ජාතික මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් සිටින බව ද පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් නොවන බවද නිමල් පුංචිහේවා මහතා පවසයි.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ පී එස් එම් චාල්ස් මහත්මිය කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තා වලට ප්‍රතිචාර දක්වමිනි.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිල දැනුම්දීමක් කර නොමැති බවයි.

කෙසේ වෙතත් එක් සාමාජිකයෙකුගේ ඉවත්වීම කොමිසම රැස්වීමට අවශ්‍ය ඝණපූර්ණයට බාධාවක් නොවන බව ද නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

Newspedia 01

Related post