ඩයනාට අභියාචනාධිකරණයෙන් නියෝගයක්!

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සමට අදාලව විරෝධතා ගොනුකිරීම සඳහා කාලය ලබාදී තිබේ.
ඒ අනුව පෙබරවාරි 17 දක්වා කාලයක් ලබා දීමට අභියාචනාධිකරණය විසින් අද (26) නියෝග කළේය.
ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයෙකු බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදීය.