චාල්ස්ගේ ඉවත් වීම ඡන්දයට බලපායිද? – හිටපු සහ ඉන්න මැකොස ගෙන් පිළිතුරු!

ඊයේ (25) දින මැතිවරණ කොමිසමේ සාමාජිකා ප්‍රින්ස් සරෝජනී මන්මතරාජා චාල්ස් මහත්මිය ඉල්ලා අස්වීමත් සමඟ ඇතැමුන් පළාත් පාලන ඡන්දය නැවත කල් යන බවට විවිද ප්‍රචාර සිදුකරනු දැකගත හැකි විය.
නමුදු මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සිය කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බවයි.
එමෙන්ම කොමිසමේ චාල්ස් මහත්මියගේ ඉවත් වීම හමුවේ පැතිර යන කටකතා පිළිබඳව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාද සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ එම අස්වීමෙන් මැතිවරණ කොමිසමට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.
අදාළ ෆේස්බුක් සටහන මෙසේයි…
“ඉල්ලා අස්වීම් නිසා මැකොස අඩපන වේවිද , මෙයට පිළිතුර නැත යන්න බව හා කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට තිදෙනකු ඇති බව මෙයට පෙර පෝස්ටුවක සටහන් කළෙමි . නැවත නැවත බොහෝ දෙනකු විමසන මේ පැනයට පිළිතුරු ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව එහි කමෙන්ටුවක් ලෙසද පලකළෙමි.
එය නැවත පහත උපුටා දක්වමි
104.(1). කොමිෂන් සභාවේ රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුත්තේය.
(2) (අ) කොමිෂන් සභාවෙි සභාපතිවරයා කොමිෂන් සභාවෙි රැස්වීම්වල මුලසුන දැරිය යුත්තේය. සභාපතිවරයා කොමිෂන් සභාවේ යම් රැස්වීමකට පැමිණ නොසිටියහොත් පැමිණ සිටින සාමාජිකයන් විසින් ඔවුන් අතුරෙන් තෝරා පත්කර ගන්නා සාමාජිකයකු විසින් ඒ රැස්වීමේ මුලසුන දැරිය යුත්තේය.
(ආ) කොමිෂන් සභාවේ තීරණ ,ඒ ඒ තීරණ ගනු ලබන රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නා වූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර, යම් හෙයකින් සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේය.
(3) කොමිෂන් සභාවේ සාමාජිකත්වයේ යම් පුරප්පාඩුවක් තිබුණද., ඒ නොතකා ක්‍රියාකිරීමට කොමිෂන් සභාවට බලය ඇත්තේය. එවැනි පුරප්පාඩුවක් තිබූ පමණින්ම හෝ යම් සාමාජිකයකු පත්කිරීමෙහි ලා දෝෂයක් තිබූ පමණින් ම , කොමිෂන් සභාවේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් හෝ තීරණයක් නිර්බල නොවන්නේය.නිර්බල වන්නේයයි නොසැලකිය යුත්තේය.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඇත්තේ අවස්ථා තුනක් බව මහින්ද දේශප්‍රියමහතා පවසයි.
එනම්…
- අධිකරණය හරහා සිදුවන වාරණයක් මගින්.
- අධිකරණයේ පිළිගැනීම මත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගන්නා පනතක් මගින්.
- මැතිවරණ පනතේ ඇති බලතල අනුව මැතිවරණ කොමිසම විසින් ගන්නා ලද තීරණයක් මගින්.
ඒ හැර ඡන්දය කල් දැමීමට අන් කිසිදු ක්‍රමයක් නැති බව ඔහු අවධාරණය කරයි.