ආදායම වැඩි අයගෙන් වැඩි බද්දක් අයකිරීම ජනපතිගේ ප්‍රතිපත්තියයි

 ආදායම වැඩි අයගෙන් වැඩි බද්දක් අයකිරීම ජනපතිගේ ප්‍රතිපත්තියයි

බැංකුවල, විශ්වවිද්‍යාලවල සහ රෝහල්වල සිටින කළු ඇදගත් පිරිසගෙන් මේ රටේ වැඩිම ආදායම ලබන පිරිස කවුද යන්න පිළිබඳව ජනතාව​ට දැනගත හැකි බව කළු විරෝධතා සතිය පිළිබඳව අදහස් දක්වමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් වැටුප් ගන්නා පුද්ගලයින්ට අයවන බදු මුදල රුපියල් 3000ක් බවත්, ලක්ෂ 2 සිට ඉහළට වැටුප් ගන්නා පිරිසට සැලකිය යුතු බද්දක් අය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පහුගිය කාලවලදී වැඩියෙන් වැටුප් ලබන අයට සහ අඩුවෙන් වැටුප් ලබන අයට පැවතියේ එකම බද්ද බවත් ඒ හේතුවෙන් අද රජයට මෙම තත්ත්වය උදාවී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

රජයක් පවත්වා ගන්නේ බදු ආදායම මගින් බවත් ආදායම වැඩි අයගෙන් වැඩි බද්දක් අය කිරීම ජනපතිගේ ප්‍රතිපත්තිය බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේය.

Newspedia 01

Related post