SSPගේ පහරදීමෙන් CI ට තුවාලයි?

 SSPගේ පහරදීමෙන් CI ට තුවාලයි?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු විසින් සිදු කරන ලද පහරදීමකින් තුවාල ලද කැබිතිගොල්ලෑව පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු පවසන්නේ කැබිතිගොල්ලෑව පොලීසියේ පරිපාලන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහි ස්ථානාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා පත් කළ බවය.

කැබිතිගොල්ලෑව කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිය කාර්යාලයට කැඳවා ඇත්තේ දැනට පවතින නඩුවක් සම්බන්ධයෙන් විමසා ඇතැයි වාර්තා වේ.

මෙම හමුවේ දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා තමාට පහරදුන් බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා චෝදනා කරයි. නමුත් අදාළ ඉහළ නිලධාරියා එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා ප්‍රකාශ කළේය.

Newspedia 01

Related post