ෆිල්ම් වල වගේ ලංකාවෙත් ATM එකක් ගලවන් ගිය සොරකමක්!

ඊයේ (24) රාත්රියේ ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුව ATM යන්ත්රයක් ගලවාගෙන යාමේ සොරකමක් වාර්තාවේ.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් වෑන් රථයකින් පැමිණ මෙලෙස ATM යන්ත්රය ගලවාගෙන ගොස් තිබේ.
මේ වනවිට පොලිස් විමර්ශන මගින් සැකකරුවන් ගමන්ගත් වෑන් රථය තුළ රියදුරාව ගැට ගසා පේරාදෙණිය ප්රදේශයේ දමා ගොස් තිබිය දී සොයාගෙන තිබේ.
රාත්රි 12.40ට පමණ මෙය සිදුව ඇති බවත් පැමිණි පුද්ගලයන් ආරක්ෂක නිලධාරියා ගැට ගසා මෙම සොරකම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
අදාළ ATM යන්ත්රයේ පැවැති මුදල සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.