සියලුම රාජ්‍ය සේවක වැටුප් අද ගෙවන බව දන්වයි!

සියලුම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද (25දා) නියමිත පරිදි සිදුකෙරෙන බව දැනුම්දෙයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව සඳහන් කළේය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවිම ප්‍රමාදවනු ඇති බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණි.